15 January 2026

logo

ශ්‍රී ලංකා රජයට ඇමරිකානු තානාපතිනියගේ ප්‍රසාදය



ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදීයි.

එහිදී නව රජය විසින් වතුකර ජනතාවට නිවාස සහ වෙනත් ප්‍රතිලාභ ලබාදීමේදී පෙර මෙන් පක්ෂ පාට නොබලා සාධාරණව ක්‍රියා කිරීම පිළිබඳව තනාපතිනිය සිය ප්‍රසාදය කළා.

ඉදිරියේදී මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තේ, පොල්, රබර් යන වැවිලි ක්ෂේත්‍රයන්වල සිදු කළ යුතු නව්‍යතාවන් පිළිබඳවද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

 
(colombotimes.lk)