16 December 2025

logo

පළාත් 06ක පාසල් අද යළි ඇරඹෙයි



රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (16) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ තෙවන වාරයේ දෙවන අදියර අද සිට ලබන 22 වනදා තෙක් පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම 23වනදා සිට 28වනදා දක්වා පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

තෙවන පාසල් වාරයේ තෙවන අදියර දෙසැම්බර් 29වනදා සිට දෙසැම්බර් 31වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වාරය ජනවාරි මස පළමුවන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි. 

(colombotimes.lk)