colombotimes.lk
සිංහල | English

06 May 2024

VIDEO | “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට



මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කළා.

මෙම අවස්ථාවට එක් වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන්නා.

පසුව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරු දෙදෙනා අතින් සිදු කළා.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ඉරානයේ සහාය නොවන්නට ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳිඔයට ගෙන යාමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි.

(colombotimes.lk)