ICC 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 08වන තරගය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජපාන කණ්ඩායම අතර පැවැත්වෙනවා.
ඒ Windhoekහීදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ජපාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 387ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස පිවිසි විරාන් චමුදිත පන්දු 143කින් ලකුණු 192ක් සහ දීමන්ත මහවිතාන පන්දු 125කින් ලකුණු 115ක් රැස් කරගත්තා.
ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාවය 328ක්.
විරාන් චමුදිත රැස් කළ ලකුණු 192 වාර්තා වන්නේ ICC 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් එක් ඉනිමක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර 2018 වසරේදී හසිත බෝයගොඩගේ ලකුණු 191 ලබා ගනිමින් මෙම වාර්තාව තමන් සතු කරගෙන තිබුණා.
(COLOMBOTIMES.LK)
