19 November 2025

logo

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමා වෙයි



උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන්. 

මේ වන විටත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බැවින් දුම්රිය මාර්ගය යථා තත්ත්වට පත් කිරීමට අද (19) දිනය තුළ හැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

(colombotimes.lk)