15 July 2025

logo

යූරියා පොහොර මිල හෙට සිට අඩු වෙයි



යූරියා පොහොර මිල හෙට (15) සිට අඩු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊට අදාළව මිල කමිටුව රැස්වී වහාම තීරණයක් ගන්නා ලෙස අමත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රුපියල් 9,000 ක් දක්වා අඩු කළයුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඊට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇත්තේ, යුරියා පොහොර සම්බන්ධව වෙළෙඳ පොළ මිල සැළකිල්ලට ගනිමින් මිල අඩු කිරීමට ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතු බවයි.
(colombotimes.lk)