12 February 2026

logo

වනිඳු සහ මහීෂ් Rajasthan Royals කණ්ඩායමට



IPL ක්‍රිකට් තරගාවලියට අදාළව අද (24) පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගව සහ මහීෂ් තීක්ෂණව රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගෙන තිබෙනවා.
 
ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකටද වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටද අලෙවි වූ බවයි වාර්තා වන්නේ.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙනවා.

(colombotimes.lk)