colombotimes.lk
සිංහල | English

17 September 2024


වනිඳු තවත් පහළට - අසිත ස්ථාන 10ක් ඉදිරියට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් නිවේදනය කළා.

ඒ අනුව T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ රැඳී සිටි වනිඳු හසරංග 5 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ සිටි මහීෂ් තීක්ෂනට හිමි වී තිබෙන්නේ 10 වන ස්ථානයයි.

T20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තයේ  Adil Rashid පළමු ස්ථානයේ, දෙවන ස්ථානයේ කොදෙව්හි Akeal Hosein මෙන්ම තුන්වන ස්ථානයේ Gudakesh Motie රැඳී සිටිනවා.

මේ අතර නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිපදෙනෙක්ටම පසුබැසීමට සිදුවී තිබෙනවා.

ඒ අනුව දිමුත් කරුණාරත්න එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5ක් පහතට පැමිණීමෙන් 14 වන ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 16 වන ස්ථානයට පත්ව තිබෙන්නේ එක් ස්ථානයක් පසු බසිමින්.

එහි පළමු ස්ථානයේ එංගලන්තයේ Joe Root රැඳී සිටිනවා.

නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රභාත් ජයසූරිය එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 09 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

එමෙන්ම අසිත ප්‍රනාන්දු එම ශ්‍රේණිගත කිරීම්වල 17 වන ස්ථානයට පත්ව තිබෙන්නේ ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින්.

 
(colombotimes.lk)