14 September 2025

logo

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමාකරයි



කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාල පෙරහර හේතුවෙන්.

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අද (25) සහ හෙට (26) මහ පෙරහර රාත්‍රී 07.00 සිට අළුයම 02.00 දක්වාද කොළඹ ගාල්ල මාර්ගයේ වීථි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එම පෙරහර ගමන් ගන්නා කාලය තුළ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය හික්කඩුව හන්දියේ සිට කහව හන්දිය දක්වා ගමනා ගමනය සීමා කිරීමට නියමිතයි.

විකල්ප මාර්ග

කොළඹ දෙස සිට ගාල්ල දෙසට පැමිණෙන වාහන කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ, කිරළගහවෙල, අළුත්වල සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනපීනුවල හරහා කුමාරකන්ද හන්දියෙන් ගාලු පාරට පිවිසීමට හෝ ගෝනපීනුවල හික්කඩුව මාර්ගයෙන් හික්කඩුව නගරයෙන් ගාලු පාරට.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන හික්කඩුව නගරයෙන් හැරී ගෝනපීනුවල, දුවත්ත හන්දිය, අම්පේගම, බටපොල නගරය තිලකපුර මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ රොසෙත් හන්දියෙන් ගාලු පාරට.

(COLOMBOTIMES.LK)