රුසියානු ජනාධිපති Vladimir Putin විසින් කැරලිකාර හමුදාවන් ප්‍රසිද්ධියේ ඇමතීමට ලක්කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කළේ, රුසියාව තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ ගන්නා අය අසාර්ථක වන බවයි.
එසේ කුමන්ත්‍රණ සිදුකරන පිරිසේ අවශ්‍යතාවය වන්නේ රුසියානුවන් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමට පෙළඹවීම බවද ඔහු අවධාරණය කළා.
මීට අමතරව රුසියාව ගැන ඔවුන් සිතා සිටි ආකාරය වැරදි බවත්, ඔවුන්ගේ පළිගැනීමේ ක්‍රමය අසාර්ථක වූ බවත් ඔහු පැවසුවා.
Wagner කණ්ඩායමේ කැරැල්ල සිදුවූයේ පැය 24ක් තුළ බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම Prigozhin රුසියාවේ දකුණු ප්‍රදේශ අල්ලා ගනිමින් මොස්කව් වෙත ගමන් කිරීම සහ හදිසියේම කැරැල්ල නතර කිරීම සැලැස්මක කොටසක් බවයි Putin අවධාරණය කළේ.
(colombotimes.lk)