colombotimes.lk
සිංහල | English

05 December 2023

බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි



දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එහි සඳහන්. 
 
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. 
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)