16 September 2025

logo

වැසිවාර කිහිපයක් ඇතිවන දවසක්



නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව ද එහි සඳහන්. 
 
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)