15 July 2025

logo

රුසියාවේ වේග්නර් සටන්කාමීන් බක්මූට් අතහරී



රුසියාවේ වේග්නර් සටන් කණ්ඩායම් ලබන 10 වනදා යුක්රේනයේ බක්මූට් ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බව එම සටන් කණ්ඩායමේ නායක යිෆ්ගෙනී ප්‍රිගෝසින් ප්‍රකාශ කරනවා. 

ඔහු පසුගියදා බක්මූට් ප්‍රදේශය නිරීක්ෂණය කළ අතර එහි දී ගැටුම්වලින් මියගිය වේග්නර් සටන්කාමීන්ගේ සිරුරු සම්බන්ධයෙන් ද වීඩියෝවක් නිකුත් කර තිබෙන බව සඳහන් වනවා. 
 
කෙසේ වෙතත් ඔහු චෝදනා කරන්නේ තම සටන්කාමීන් මියයාමේ සිද්ධියට රුසියාවේ ආරක්ෂක අංශ ද වගකිව යුතු බවයි. 
 
මෙම සටන්කාමීන්ට අවි ආයුධ හිඟයක් ද පවතින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
(colombotimes.lk)