13 September 2025

logo

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්



ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. 

මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර ඌව සහ සබරගමුව පළාත්වලත් සහ වවුනියා, මන්නාරම, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමඟ  ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන්. 

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 



(colombotimes.lk)