15 July 2025

logo

ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළට



අත්තනගලු ඔය, කැලණි, නිල්වලා, කළු, ගිං යන ගංඟා වල මේවන විට ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය අනුව කිසිදු ප්‍රධාන ගංඟාවක් ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ අවදානමක් නොමැති බවයි. 
 
දිවයිනපුරා පවතින සියලුම ප්‍රධාන වාරි ජලාශ මේ වනවිට සියයට 67 ධාරිතාවකින් පිරී පවතින බව ඒ මහතා සඳහන් කළා. 
 
මේ අතර පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත්කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.
(colombotimes.lk)