01 July 2025

logo

කටානේ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් ජලය නවතියි



කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහා කළා.

ඒ අනුව අද (19) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වූ පැය 16ක කාලය තුළ කටාන උතුර කලාපයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ සඳහන්.
 
බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානවේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කඳවල, පහළ කඳවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සහ නැගෙනහිර කළුවාරිප්පුව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)