23 November 2025

logo

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී කාලගුණය දරුණු වෙයි



දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙම තත්ත්වය ඇති වන බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට පස්වරු 1.00න පමණ පසු මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)