16 September 2025

logo

ලාංකික පාසල් ළමුන්ට චීනයෙන් ලැබෙන්න යන දේ



රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය එකඟ වී තිබෙනවා. 

ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ. 

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන පුද්ගලයන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා තිබෙනවා. 
 
එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබාදීමට එකඟතාව පළ කළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ චීන නානාපති Qi Zhenhong අතර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)