16 September 2025

logo

ලෝක බැංකුව ශ්‍රී ලංකාව ගැන කියූ දේ



ලොව වේගයෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටින බව ලෝක බැංකුව පවසනවා.
 
ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමෙහි ලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවයි.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම් වලින් එකක් සිදු කර ඇති බවත් එය වසර 03ක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කට ආසන්න ප්‍රමාණයකට සමාන බවත් පසුගියදා ප්‍රසිද්ධ කළ ලෝක බැංකු වාර්තාවේ සඳහන් වනවා. 

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ 1980 සිට ලොව පුරා රටවල් 123ක සමාන ප්‍රයත්න 330කට වඩා සසඳන විට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ මෙම ගැලපීම තියුණු හා වේගවත් බවයි.

(colombotimes.lk)