16 September 2025

logo

සම්පත් මනම්පේරී ගැන හෙළි වූ දේ



සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය බහාලුම් 02ක සඟවා තැබූ බව කියන සම්පත් මනම්පේරි කලක් පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙක් බවට මේ වන විට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඔහු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ රවිරාජ් නඩරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධව සැකකරුවෙක් බවටද හඳුනාගෙන ඇති බවයි. 

(colombotimes.lk)