උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සරත් රත්නායක සඳහන් කළේ පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවයි.
රුපියල් 45කට අඩු මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
