18 February 2026

logo

ධීවරයන්ගේ සත්‍යග්‍රහයට කුමක් වෙයිද ?



ධීවරයන් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ ට්‍රැක්ටරයකට සවිකරන ලද වින්ච් යන්ත්‍ර මඟින් සිදුකරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින්. 

එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මුලතිව් හා කෝකිලායි ඇතුළු ප්‍රදේශ කිහිපයක මාදැල් ධීවරයන් පිරිසක් පසුගිය 05වනදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා. 

ඔවුන් සඳහන් කළේ ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට ඊයේ (09) පැවති සාකච්ඡාවේදී ඔවුන්ට දැනුම්දුන් බවයි.

වින්ච් මාදැල් ධීවරයන් ගොනු කළ නඩුව පෙබරවාරි 27වනදා යළි කැඳවන අතර ඉන් පසු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළා. 


(colombotimes.lk)