04 December 2025

logo

සංචාරකයින් සමඟ දූපතක් පුපුරායාමේ සිදුවීම ගැන හෙළිදරව්වක් (VIDEO)



පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් 2019 දී White Island (Whakaari) හි ගිනිකඳු පුපුරායාම පිළිබඳව සංචාරකයින් අදහස් දක්වා තිබෙනවා.

මෙම පිපිරීම අතරතුර විසිවූ වැලි, අළු සහ පාෂාණ හේතුවෙන් පුද්ගලයින් පිළිස්සුම් තුවාල පවා ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙය නවසීලන්තයේ උතුරු දිවයිනෙන් කිලෝමීටර් 48ක් (සැතපුම් 30ක්) ඔබ්බෙන් වූ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බව සඳහන්.

පිපිරීමෙන් අනතුරුව මෙම භූමියේ හිමිකරුවන්ට එරෙහිව එරට සෞඛ්‍ය සහ ආරක්ෂණ නියාමකයා වන WorkSafe විසින් අපරාධ නඩුවක් පනවා තිබුණා.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති නඩු වාරයේදී සංචාරකයින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා. 

එහිදී අනාවරණය වී ඇත්තේ පිපිරීම සිදුවන අවස්ථාවේ දී පුද්ගලයින් 47 දෙනෙකු දූපතේ රැඳී සිට ඇති බවයි.

එමෙන්ම මෙම පිපිරිම සම්බන්ධයෙන් බලධාරීන් විසින් දැනුවත් කිරීම් සිදුකර තිබුණද, සංචාරකයින් හට එය දැනුම් දී නොතිබුණ බව සඳහන්.

නවසීලන්තයේ ගිනිකඳු අනතුරු ඇඟවීමේ සංඥා 6ක් ඇති අතර, මෙහිදී දෙවෙනි මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)