12 February 2026

logo

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති කවුද?



ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ ජේ ෂා පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වුණා.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධූරයේ මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

ඒ අනුව මෙම නව පත්වීමත් සමඟ ඔහුට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයෙන් ඉවත්වීමට සිදුවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත්වීම සඳහා මේ වනවිට තියුණු තරගයක් නිර්මාණය වී ඇති බවයි.

නව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී Mohsin Naqvi නම් කිරීමට වැඩි අවස්ථාවක් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)