05 February 2025


මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කරයිද?



මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන බවත් වාහන බලපත්‍ර ලබා නොදෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ රජයේ ප්‍රතිපත්තියේ පවතින්නේ මන්ත්‍රීවරයෙක්ට වැඩකටයුතු කරගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා වාහනයක් ලබාදීම බවයි.

මන්ත්‍රීවරයාගේ අදාළ දිස්ත්‍රික්කය තුළින් වාහනය සපයා ගැනීමට කටයතු කළ යුතු බවත් වසර 5ක කාලය නිමා වීමෙන් අනතුරුව එම වාහනය නැවත භාරදිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

(colombotimes.lk)