රුපියල් ලක්ෂ 05කට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
මෙහිදී සැකකාරිය සමඟ මත් කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල් 134,000ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත් කරල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකාරිය මින් පෙරද හොරොයින් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගත් කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)