අද (20) පාර්ලිමේන්තුවේදී කාන්තාවන් සවිබල ගැන්විමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
සමාජ සවිබල ගැන්විමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් සඳහන් කළේ අද දිනයේ කාන්තාවන් වෙනුවෙන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම යුනෙස්කෝ සඳහා වු ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීමද අද (20) සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)
