31 December 2025

logo

තායිවානයේ ලිංගික හිංසනයන් පිළිබඳ පැමිණිලි ඉහළට



ලිංගික හිරිහැර සහ ලිංගික හිංසනයන් පිළිබඳව තායිවානයේ කාන්තාවන් විරෝධය පළකිරීමට පටන් ගෙන තිබෙනවා. 

ඒ, Netflix හරහා විකාශය වූ 'MeToo' කතාමාලාව හේතුවෙන්. 
 
මේ වන විට තමන්ගේ අත්දැකීම් පිළිබඳව කාන්තාවන් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා කතා කිරීමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ. 
 
මෙසේ වාර්තා වූ සිදුවීම් ගණන 30කට ආසන්න වනවා. 
 
මින් සමහර සිදුවීම් මීට වසර 10කට පමණ පෙර සිදුවූ ඒවා බවද සඳහන්. 
 
මෙම සිදුවීම් වලට එරට ඉහළ තනතුරු දරන පුද්ගලයින් පවා සම්බන්ධ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)