විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ Guizhou පළාතේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන “Huajiang” පාලමෙහි ගමනාගමන කටයුතු අද (28) ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රධාන පාලම පළලින් මීටර් 1,420 ක් වන අතර ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වන බවයි.
මෙම පාලමේ ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වී ඇති අතර එහි සැලසුම ආරම්භයේ සිටම ඒ අවට සංචාරක සම්පත් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
(colombotimes.lk)