15 October 2025

logo

නීතිඥ වන්නිනායක‍ගෙන් රිට් පෙත්සමක්



තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියකට බාධාවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව වන්නිනායක සිය පෙත්සම මඟින් වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.


(colombotimes.lk)