27 September 2022
සිංහල | English

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජෝ බයිඩන් හමුවෙයි (PHOTOS)



විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවී තිබෙනවා. 

 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍ය සබ්රි මේ වන විට නිව්යෝර්ක් නුවරට ගොස් සිටිනවා. 
 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය නිමිත්තෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයේදී අමාත්‍ය සබ්රි එක්සත් ජනපද ජනාධිපති බිඩෙන් හමුවූ බවයි විදේශ අමාත්‍යාංශය පැවසුවේ. 
 
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් සැප්තැම්බර් 24 වන දින නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකා ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.
(colombotimes.lk)