හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසනවා.
ඒ බෙලිඅත්ත ප්‍රදේශයේදීයි.
කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පසුගිය ජනවාරි 3වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණ තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
