15 September 2025

logo

පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ දීමනාවක්



පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලබාදීමට නියමිත ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව අද (13) සිට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

මෙවර අයවැයේ දී ඉදිරිපත් වූ යෝජනාවක් මෙසේ ක්‍රියාත්මක කරන බව සඳහන්.

මීට අමතරව අයවැය මගින් ඉහළ දැමූ දීමනාවෙන් අඩක් ලබාදීමට ද නියමිතයි.

ඒ අනුව කණිෂ්ඨ නිලධාරීන්ට ලබාදෙන රුපියල් 17,000ක දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට සැළසුම් කර තිබුණා.

මින් සියයට 50ක් කඩිනමින් ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)