ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 24වන වරටත් සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි.
(colombotimes.lk)