2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක්වන ඔස්ට්‍රේලියා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව Pat Cummins හට මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හිමි වනවා.
කෙසේවෙතත් Pat Cummins මේ වනවිට මැණික් කටුවෙහි ඇති වූ ආබායක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් මේ දිනවල දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ද විවේක ගන්වා තිබෙනවා.
එළඹෙන ඔක්තෝබරයේ ඉන්දියාවේදී ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
(Colombotimes.lk)
