20 December 2025

logo

ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍ය හදිසි තත්ත්වය ගැන නවතම තොරතුර මෙන්න



ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍ය හදිසි තත්ත්වය මේ වනවිට පාලනය වී ඇති බැවින් කලබල නොවන ලෙස ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

බන්ධනාගාරය තුළ බැක්ටීරියාව ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍යවරයා සඳහන් කළේ. 
 
Meningococcal රෝගය Neisseria meningitides බැක්ටීරියාව නිසා ඇති වන දුර්ලභ රෝගයක් වන අතර ශ්‍රී ලංකාවෙන් මීට පෙර වාර්තා වී ඇත්තේ හුදකලා රෝගීන් කිහිපදෙනෙකු පමණක් බව ද සඳහන් කළා.
(colombotimes.lk)