23 February 2025


බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇණ හිටියි



බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ, බදුල්ල බණ්ඩාරවෙල අතර රථ වාහන ධාවනය ඇණ හිට තිබෙන බව හාලිඇල පොලිසිය පවසනවා. 

ඒ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී අද (9) පස්වරුවේ විශාල පස්කන්දක් සමඟ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්. 
 
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගයට විශාල පස්කන්දක් සමඟ විශාල ගසක් කඩා වැටී ඇති අතර හාලිඇල පොලිසිය, මාර්ග සංවර්ධන අධ්කාරිය එක්වී මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කරන බවත් හාලිඇල පොලිසිය සදහන් කළා.
(colombotimes.lk)