15 February 2025


ශ්‍රී ලංකා සහ එක්සත් රාජධානි ජල ශාස්ත්‍රිය කාර්යාල අතර ද්විපාර්ශ්වික ගිවිසුමක්



ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය අද (14) ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම අත්සන් තැබීම සිදු කර තිබෙනවා.

මෙම ගිවිසුම මඟින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු වී ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලයෙහි රියර් අද්මිරාල් Angus Essenhigh සහ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයේ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සිය රාජ්‍යයන් වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

(colombotimes.lk)