20 December 2025

logo

වසර 20 කට පෙර මියගිය අයෙකුගේ සිරුරක් ග්ලැසියරයකින් හමුවෙයි



ඔස්ට්‍රියාවේ ටිරෝල් ප්‍රාන්තයේ දියවෙමින් පවතින ග්ලැසියරයකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. 

මෙම පුද්ගලයා වසර 20 කට පෙර මිය ගොස් ඇති බවටයි සැලකෙන්නේ. 
 
කඳුකර මාර්ගෝපදේශකයෙකු විසින් මළ සිරුර සොයා ගත් බව එරට පොලිසිය පවසනවා. 
 
බැංකු කාඩ්පතක් සහ රියදුරු බලපත්‍රයක් සහිත බෑගයක් ද ඒ අසල තිබී සොයා ගෙන ඇති බව සඳහන්. 
 
මෙම පුද්ගලයා ඔස්ට්‍රියාවේ සිට පැමිණි අයෙකු බවත් මිය යන විට 37 හැවිරිදි වියේ පසුවූ බවත් පොලිසිය විශ්වාසය පළ කරනවා.
(colombotimes.lk)