17 September 2025

logo

ඉන්දියානු සබ්මැරීනයක් මෙරටට පැමිණෙයි



ඉන්දියානු නාවික හමුදාවට අයත් නවතම සබ්මැරීන් යාත්‍රාවක් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතයි. 

එම යාත්‍රාව සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ. 
 
ඒ, 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් සංචාරයක කොටසක් ලෙසයි. 
 
'වාගීර්' නම් මෙම සබ්මැරීනය හෙට සිට ලබන 22 දක්වා මෙරටදී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත බවද සඳහන්.
(colombotimes.lk)