ජිවිත රැසක් බේරූ බස් රථයේ රියදුරු රෝහලට



ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ආසන්න ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක් මාර්ගයේ අසල ඇති කන්දක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අද (04) අලුයම බදුල්ල සිට මාකුඹුර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ එක වරම තිරිංග අක්‍රීය වී ඇති අතර සිදුවන්නට ගිය විශාල අනතුර ගැන වටහාගත් බස් රථයේ රියදුරු විසින් බස් රථය කන්දේ හැපීමට සලස්වා නවතා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේ සිදු නොකලානම් බස් රථය අධික ප්‍රපාතයකට පෙරළී ගොස් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව සඳහන් වනවා.

අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
(colombotimes.lk)