ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතයේ කළාප අංක 04 ප්‍රදේශයේදී ඊයේ (13) අක්කරයක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා ලාහුගල කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
එහිදී වියළි ගංජා කිලෝ 85ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 42ත් අතර වයස්වල පසුවන බලංගොඩ, මිද්දෙනිය හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
මෙම වැටලීමේදී උස අඩි 07ක් පමණ දක්වා වැඩී තිබූ ගංජා ගස් 9,500ක ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා.
(colombotimes.lk)