03 January 2026

logo

මෝටර් රථ 2ක් පොලිස් භාරයට



හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කළ මෝටර් රථ 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම මෝටර් රථ 2 පසුගිය 13වනදා හෝමාගම පොලිස් වසමේ ගලවිලවත්ත දෙස සිට මාකුඹුර දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වුණා.

පොලීසිය සඳහන් කළේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කළ බවයි.

ඒ අනුව එම මෝටර් රථ 2 ඊයේ (25) පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
(colombotimes.lk)