colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times පස්වන සංවත්සරය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්



ශ්‍රී ලංකාවේ Digital ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසම සම ප්‍රමුඛයා වන Colombo Times අභිමානවත් 5 වන සංවත්සරය හෙට (10) දිනයේදී පැවැත්වීමට සූදානම්.

ඒ, Colombo Times High Five යන තේමාව යටතේයි.

ඒ අනුව Colombo Times High Five තේමාව යටතේ සුවිශේෂී විශේෂාංග රාශියක් ඔබ වෙත හෙට දිනයේදී තිලිණ කරන්න Colombo Times කණ්ඩායම මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙමින් සිටිනවා.

ඒ, Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි.

ඒ අනුව හෙට උදෑසන කාලයේදී පසුගිය ලෝක ළමා දිනයේදී ක්‍රියාත්මක වූ Talent පොඩ්ඩෝ තගරවලියේ ජයග්‍රාහී පොඩිත්තන්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම සිදුකිරීමට නියමිතයි.

ඉන් අනතුරුව උදෑසන 9.30 සිට ලලිත් ලක්රුවන් ප්‍රධාන 'හෝමාගම VIP' සංගීත කණ්ඩායම සංගීතවත් කරන සුපිරි සංගීත ප්‍රසංගය පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සුපිරි තරු රැසක් සහභාගී වීමට නියමිතයි.

එම ප්‍රසංගය සජීවීව නැරඹීම සඳහා Facebook සහ YouTube ඔස්සේ ඔබටද හැකියාව තිබෙනවා.

Facebook ඔස්සේ නරඹන්න - https://www.facebook.com/colombotimesofficiallk
YouTube ඔස්සේ නරඹන්න - https://www.youtube.com/@ColomboTimesLKofficialnews/videos
(colombotimes.lk)