06 July 2025

logo

බහාලුම් 323ක් නිදහස් කිරීම කාරක සභාවේ අවධානයට



මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ 10වන පාර්ලිමේන්තුව සඳහා පළමු රැස්වීම පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ප්‍රධානත්වයෙන්.

පසුගිය කාලයේ ඇති වූ බහාලුම් තදබදය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී විමසීම් සිදු කර තිබෙනවා.

රජයේ වුවමනාව මත සිදු කළ යැයි රජයට ඇතැම් පාර්ශව චෝදනා කරන බවත් මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කිරීමක් නිලධාරීන්ගේ පාර්ශවයෙන් සමාජගත කළ යුතු බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

එහිදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ එවැනි තදබදයකදී අනුගමනය කරන තාක්ෂණික ක්‍රමවේදයක් ලෙස මීට පෙර අවස්ථා 4කදී මෙලෙස කන්ටේනර් නිදහස් කර ඇති බවයි.  

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන්ට මෙම කරුණු වාර්තා කළ බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)