විරෝධතාකරුවන් පිරිසකට අද (27) පස්වරු 2.30 සිට හෙට (28) පස්වරු 6.00 දක්වා කාලයේදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය සහ ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ආඥාව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පහත පුද්ගලයන් හට එම ආඥාව නිකුත් කර තිබෙනවා.
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම්
සම සෞඛ්‍ය විද්‍යා පීඨ නියෝජනය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ඔවුන්ගේ සාමාජිකයන්
(colombotimes.lk)