colombotimes.lk
සිංහල | English

07 May 2024

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) නියෝග කළා. 

අධිකරණ නියෝග කඩ කරමින් 2022 වසරේ ජූලි 7 දා උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 12 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ මේ නියෝගය නිකුත් කළා. 
 
නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසනීපයෙන් පසු වන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දී තිබුණා. 
 
ඒ අවස්ථාවේ අසනීපයට අදාළ වෛද්‍ය සහතිකය මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අතර, එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සැමට නීතිය එක බව කියමින් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුවක් නිකුත් කළා. 
 
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති සෙසු සැකකරුවන් 10 දෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියා.
(colombotimes.lk)