colombotimes.lk
සිංහල | English

18 October 2024


ජාතික කණ්ඩායමට එල්ල කළ චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි



අවසන්වූ T20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝටලය තුළ සාද පැවැත්වූ බවට ලිපියක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ලිපියේ අන්තර්ගතය තරයේ ප්‍රතික්ෂේප කරන අතර විස්තර කර ඇති පරිදි එවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව නිවේදනය කළා.

එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි අසත්‍ය වාර්තා කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, එහි නිලධාරීන්ගේ සහ ක්‍රීඩකයන්ගේ කීර්ති නාමයට අසාධාරණ ලෙස හානි කරන බවයි.

 
(colombotimes.lk)