පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.
එමෙන්ම පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.
(colombotimes.lk)