20 August 2025

logo

මන්නාරම සුළං විදුලි බලාගාර දෙක ගැන තීරණයක්



මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

මෙම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිලිබදව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා දීමට අවශ්‍ය ව්‍යුහයක් ඇති කිරීමටද මෙහිදී තීරණය වූ බවයි.

එමෙන්ම ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර මේ වන විට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)